රජයේ මුල්‍ය රෙගුලාසි අනුව කටයුතු පමණක් කටයුතු කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් – ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

අනුරාධපුර රාජාංගනය දිත්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවෙස් හිමියන් 17 කට අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ලබාදුන් චෙක්පත් අතුරින් අඩකට වැඩි ප්‍රමාණයක් අඟුරු වී ඇත.  දිත්වා සහන හා වන්දි ගෙවීම්  හුදු මාධ්‍ය සංදර්ශනයක් නොව, විධිමත් මුල්‍ය ක්‍රියාවලියකින් පසුව සිදු කළ යුතු ආයතිනක කාර්යයක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.

රාජ්‍ය මුදල් රෙගුලාසි අනුව ගිණුමේ මුදල් නොමැතිව චෙක්පතක් නිකුත් කිරීමට කිසිදු අවස්ථාවක් නැත.  චෙක්පත් ගෙවීම් අත්හිටුවන්නේ නම් එය ට පිළිගත හැකි කරුණු තිබිය යුතුය අතර, සියල්ලටම පෙර අදාල ගෙවීමට බලය දුන්, අනුමත කළ සහ සහතික කළ නිලධාරීන් පිළිබඳව විමර්ශන සිදු කළ යුතු  යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.     

රජයේ මුදල් රෙගුලාසි අංක 135 යටත් මුදල් ගෙවීමක දී ගෙවීමක් සිදු කිරීම සඳහා බලය ලබාදීම, ගෙවීම අනුමත කිරිම, ගෙවීම සහතික කිරීම හා මුදල් ගෙවීම යන පියවර හතර සිදු විය යුතුය. චෙක්පතක් ලිවීම යනු මුදල් ගෙවීමකි.  එය සිදු කිරිමට නම් ගෙවීම් අනුමත කිරිම හා ගෙවීම සහතික කිරීම සිදු වී තිබිය යුතුය. ගෙවීම සහතික කිරීම යනු එම් කටයුත්තක් විධිවිධාන ප්‍රකාරව අවසන් වූ බවට අදාල බලධාරීන් තෘප්තියට පත්වීමයි. නිශ්චිත කටයුත්ත හෝ සේවය අවසන් නොවී චෙක්පතක් ලියන්නට හා එය බාර දෙන්නට කිසිදු හැකියාවක් නැත.   අනෙක් අතට, එය මුල්‍ය රෙගුලාසි 188 යටතේ ද වරදකි.

අරල සමයේ දේපොළ විනාශ වූ ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට වන්දි මුදල් ගෙවීම් සම්බන්ධයෙන් මේ වන විට හිටපු අමාත්‍යවරයෙකුට විරුද්ධව  නඩුකරයක් ක්‍රියාත්මකය.  නීතිඥ රවීන්ද්‍ර දාබරේ විසින් තවත් නඩුවක් ගොණු කර ඇති අතර එහි විත්තිකරුවන් අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද වේ.  අරගලයෙන් විනාශ වූ නිවාස මෙන්ම, අපදාවෙන් විනාශ වූ නිවාස සඳහා වන්දි ගෙවීමේ දී රජයේ මුල්‍ය රෙගුලාසි අදාළ වේ.

ගංවතුර සහ ආපදා වන්දි ගෙවීමට සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුව සහ ඉන් පිටත දී ලබාදුන් පොරොන්දු බහුතරයක් මේ වන විට ඉටුවී නොමැත.  ග්‍රාම නිලධාරීවරුන් වන්දි ගෙවීම් යාන්ත්‍රණයෙන් ඉවත්වී ඇති බව සම්ගම් ප්‍රකාශ කරති..   

චෙක්පතකින් ගෙවීමක් සිදු කොට එය බැංකු ගත නොකරන ලෙස වාචික උපදෙස් ලබාදීමට කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට හැකියාවක් නැත.  චෙක්පත් ලිවීමෙන් පසුව එය රඳවාගෙන සිටීම පවා විගණන විමසුමකට හේතු විය හැකිය.

අසරණවූවන්ට ගංවතුර වන්දි ගෙවීම වහා සිදු විය යුතුව ඇති නමුත්,  විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බව රාජ්‍ය නිලධාරීන් විසින් අවබෝධ කර ගත යුතුය. සහන සැලසීම හුදු මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කර ගැනීම වරදක් වන අතර, දේශපාලනඥයින්ගේ අවශ්‍යතාව මත සිදුවන එවැනි කටයුතු වලින් රාජ්‍ය නිලධාරීන් පීඩාවට පත් විය හැකි බවත් පැහැදිලිය.

රජිත් කීර්ති තෙන්නකෝන් / විධායක අධ්‍යක්ෂ /ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website