පෞද්ගලික වීඩියෝ හෝ ඡායාරූප අන්තර්ජාලයට ‘ලීක්’ කළොත් මොකද කරන්නේ ?

අන්තර්ජාලය වෙත යම් පාර්ශවයක් විසින් මුදා හරින ලද තම පෞද්ගලික වීඩියෝ හෝ ඡායාරූප ඉවත් කිරීමට හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (SLCERT) පවසයි.

එහි නිලධාරියෙකු පැවසුවේ ප්‍රසිද්ධ අවකාශයට මුදා හැර ඇති එවැනි වීඩියෝ හෝ ඡායාරූප ඉවත් කිරීමේ හැකියාවක් පවතින බවත් පෞද්ගලික පණිවිඩ හරහා හුවමාරු වන වීඩියෝ හෝ ඡායාරූප යම්තාක් දුරකට ඉවත් කිරීමේ හැකියාවක් පවතින බව ද ඔහු පැවසීය.

“කාන්තාවන්ට වෙන ම ප්ලැට්ෆෝම් එකක් එක්සත් රාජධානි රජයෙන් හඳුන්වා දීලා තියෙනවා https://stopncii.org/ කියලා. ඒකට පැමිණිලි කළා ම, එතනින් ඒක නතර කරනවා,” යැය එම නිලධාරියා පැවසුවේ, සිය පෞද්ගලික ඡායාරූප ඉන්ටර්නෙට් අවකාශයෙන් ඉවත් කිරීමට කාන්තාවන් සඳහා ඇති සේවාවක් පිළිබඳව සඳහන් කරමිනි.

අදාළ අන්තර්ගතය ඉවත් කළ ද පසුව වෙනත් පාර්ශවයක් විසින් යළි එය ඉන්ටර්නෙට් වෙත මුදා හැරීමක් සිදු කරන්නේ නම්, ඒවා ද මෙම සේවාව මගින් ඉවත් කිරීමට හැකි බව එම නිලධාරියා පැවසීය.

“අපි ඉවත් කරන්නේ දැනට දාලා තියෙන එක. අනාගතයේදී එන්න පුළුවන් ඒවා එහෙම ඉවත් වෙන්නේ නැහැ. කෙනෙක් අපිට අදාළ ලිනක්ස් දුන්නා ම අපිට ඉවත් කරන්න පුළුවන්.”

මූලාශ්‍රය  – බීබීසී

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website