තිරසර වනජීවී කළමනාකරණයට “WILD LANKA” ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඇරඹේ

වනජීවී කළමනාකරණ ක්ෂේත්‍රයේ නැගී එන අභියෝග සහ නව්‍ය විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දේශීය හා විදේශීය පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සංරක්ෂණවේදීන්ගේ සහභාගීත්වයෙන් WILD LANKA ජාත්‍යන්තර විද්‍යාත්මක සම්මන්ත්‍රණය අද (26) බත්තරමුල්ල, වෝටර්ස් එජ් (Water’s Edge) පරිශ්‍රයේදී  පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය.

පරිසර පද්ධති ආරක්ෂා කිරීම සහ තිරසර සංවර්ධනය අතර සමබරතාවයක් පවත්වා ගැනීම සඳහා රජයේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහි දී අවධානය යොමු විය.

“නිල් කාබන් පරිසර පද්ධති සංරක්ෂණය” (Conserving Blue Carbon Ecosystems), මිනිස්-වනජීවී ගැටුම් අවම කිරීම සහ වනජීවී නිරීක්ෂණ කටයුතු සඳහා කෘතිම බුද්ධිය (AI) භාවිතය වැනි තේමාවන් යටතේ තාක්ෂණික සැසි රැසක් සමගින් WILDLANKA 2026 සම්මන්ත්‍රණය ඉදිරියට පැවැත්වේ.

මෙම සමුළුවේ සොයා ගැනීම් ඉදිරි ජාතික ප්‍රතිපත්ති සහ සංරක්ෂණ ක්‍රියාකාරී සැලසුම් සැකසීමේදී පදනම් කර ගැනීමට අපේක්ෂිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website