දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රා දෙකේ මිලියව 4500 මත්ද්‍රව්‍ය – සම්පූර්ණ වාර්තාව මෙන්න

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රා දෙක තුළ තිබී රුපියල් මිලියන 4500කට අධික වටිනාකමින් යුත් කිලෝග්‍රෑම් 280කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය.

පොලිසිය විසින් ලබා දුන් තොරතුරකට අනුව නාවික හමුදාව විසින් දිගුදුර නෞකා යොදාගනිමින් මෙම බහුදින ධීවර යාත්‍රා දෙක සොයා විශේෂ මෙහෙයුමක් සිදුකළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ඉන් එක් යාත්‍රාවක පුද්ගලයින් 5දෙනෙකු සහ අනෙක් යාත්‍රාවේ පුද්ගලයින් 6දෙනෙකු සිටි බව ද නාවික හමුදාව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේ‍ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website