ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීමට පෙර අදාළ නීති පිළිබඳ දැනුවත් වන ලෙස කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය අවධාරණය කරයි. කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මේ බව සඳහන් වේ.
එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේ ය “ ඔබ සංචාරය කිරීමට පෙර අදාළ නීති පිළිබඳ දැනුවත් වන්න. ව්‍යාපාරික රැස්වීම් පැවැත්වීමට සහ කොන්ත්‍රාත්තු සාකච්ඡා කිරීමට B1/B2 ආගන්තුක වීසා බලපත්‍රයක් භාවිතා කළ හැකිය, නමුත් ඔබට රැකියාවක් කිරීමට අවශ්‍ය නම්, ඔබට වෙනස් වීසා බලපත්‍රයක් අවශ්‍ය වේ. අනවසරයෙන් රැකියා කිරීම අනාගතයේදී ඔබව පිටුවහල් කිරීමට සහ/හෝ ඔබ එක්සත් ජනපදයට ඇතුළුවීම ස්ථිරව තහනම් කිරීමටද හේතු විය හැක”.













