අර්ධ හානි වූ නිවාසවලට ලක්ෂ පහක වන්දි ගෙවීමේ කටයුතු සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීන් ගත් තීන්දුව

දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානිවලට ලක්වූ නිවාස වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් ලක්ෂ පහක දීමනාව ගෙවීමේ කටයුතුවලින් අද (19) සිට ඉවත්වීමට තීරණය කළ බව  ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා පවසයි.

මෙම වන්දි ගෙවීම් සිදු කිරීමට අදාළ චක්‍රලේඛයෙහි පවතින අඩුපාඩු හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු පැවසුවේය.

“දිව්ටා සුළි කුණාටුවෙන් අර්ධ හානිවලට ලක් වූ නිවාස වෙනුවෙන් රජයෙන් ලබා දෙන ලක්ෂ පහක  දීමනාව ගෙවීම් සිදුකිරීමේ ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් සිදු කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. නමුත් ඊට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛයේ බරපතළ අඩුපාඩු ඇතැයි චෝදනා කරමින් ප්‍රාදේශීය ලේකම් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයත්, රජයේ ගණකාධිකාරිවරුන්ගේ සංගමයත් මේ වන විට අදාළ ගෙවීම් කටයුතුවලින් ඉවත්ව සිටිනවා. ඉන්පසු එම දීමනාව ගෙවීමේ වගකීම ග්‍රාම නිලධාරින් වෙත පැවරුණා. මේ චක්‍රලේඛය නිවැරදි කරන තෙක් අද සිට අපේ සංගමය ද එම මුදල් ගෙවීමේ කටයුතුවලින් ඉවත් වෙනවා. ඒ වගේම  ආපදා රාජකාරීවල නිරතවන ග්‍රාම නිලධාරීන්ට ඒ වෙනුවෙන් ප්‍රමාණවත් දීමනාවක් නොගෙවීම ද ග්‍රාම නිලධාරීන් තුළ කණස්සල්ලක් ඇතිකර තිබෙනවා” නන්දන රණසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website