පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතේ විධිවිධාන කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට තීරණයක් ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් පස්දෙනෙකු විසින්ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ගොනු කර ඇත.
හිටපු මන්ත්‍රීවරුන් වන එම්.එම්. ප්‍රේමසිරි, නවරත්න බණ්ඩා, බී.එම්. දීපාල් ගුණසේකර සහ සමන්සිරි හේරත් විසින් එක් පෙත්සමක් ගොනු කර ඇති අතර දෙවන පෙත්සම හිටපු මන්ත්‍රීවරුන් වන පියසෝම උපාලි සහ උපාලි අමරසිරි විසින් ගොනු කර ඇත.
නීතිඥ සනත් විජේවර්ධන හරහා ඉදිරිපත් කරන ලද පෙත්සම්වල සඳහන් වන්නේ යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවයි.
ඒ අනුව, පනත් කෙටුම්පත බලාත්මක කිරීමට නම්, එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කර ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.












