මෙරට සංවිධානාත්මක අපරාධ කර ඩුබායි වලට පැන්න සැකකරුවන් තිදෙනෙක් රැගෙන එයි – නිල ඡායාරූප හා කතාව මෙන්න

මෙරට සංවිධානාත්මක අපරාධ සඳහා සහය දක්වමින් බරපතළ ඝනයේ අපරාධ සිදුකිරීමට සෘජුවම සම්බන්ධවී ඩුබායි රාජ්‍යයේ පළා ගොස් සැඟව සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ 2024 වසරේ රජයේ මුදල් අවභාවිතා කර ඩුබායි රාජ්‍යයට පළා ගොස් සැඟව සිටි චූදිත කාන්තාවක් අද (16) ද දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාතික ගුවන්තොටුපලෙන් මෙරටට රැගෙන එන ලදී.

ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කර ලබාගත් රතු නිවේදන යටතේ අබුඩාබි ජ්‍යාතන්තර පොලිසියි හා ඩුබායි පොලිසිය පසුගිය දිනයන් තුළ මෙම සැකකරුවන් හා සැකකාරිය එරටදී ඇත්අඩංගුවට ගෙන තිබූ අතර උදර්පණ නීතිය යටතේ ගොඩනගාගත් ජ්‍යාත්‍යන්තර සබඳතා මගින් එහිදී මොවුන් කඩිනමින් ශ්‍රී ලංකා පොලිසිය වෙත භාර දීම සිදුවිය.

මින් එක් සැකකරුවෙක් වයස අවුරුදු 52ක් වන ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් සැකකරු වයස අවුරුදු 30 ක් වන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  චූදිත තැනැත්තිය වයස අවුරුදු 56ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියකි කඳාන ප්‍රදේශයේ පදිංචි සැකකරු 2025 වසරේ ජූලි සම 03 වන දින කාර් රථයකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතතනය කළ සිද්ධියට සෘජුවම සම්බන්ධවී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු ද ඌරස්මංන්දිය කේන්ද්‍රව සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ වී ඇති සැකකරුවෙකු ලෙස හඳුනාගෙන රතු නිවේදන ලබාගෙන තිබුණි. කාන්තාව මෙරට විදෙස් තානාපති කාර්යාලයක සේවය කරමින් රජයේ මුදල් වංචාකර කොළඹ මහ අධිකරණය මගින් සිර දඩුවම් හා දඩ නියම වූ තැනැත්තියකි.

සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට හා ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට මෙම භාර දීමට නියමිත අතර සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත. විදෙස් රටවල් තුළ සැඟව සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජ්‍යාත්‍යන්තර පොලිසිය දැනුවත් කරමින් මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය රතු නිවේදන 95ක් ලබාගැනීමට කටයුතු කර ඇත. එමගින් 2024 වසරේ සැකකරුවන් 10 දෙනෙක්, 2025 වසරේ සැකකරුවන් 11 දෙනෙකු ශ්‍රී ලංකා පොලිසිය භාරයට ගැනීමට හැකිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website