පසුගිය සිකුරාදා අකුරේගොඩ දී නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට ආධාර ලබා දුන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ප්‍රධාන සැකකරුවන්ට නවාතැන් දීම, ගිනි අවි ප්‍රවාහනය කිරීම සහ මත්ද්‍රව්‍ය සැපයීම යන චෝදනා වලට සැකපිට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දොළහක් පරීක්ෂණ පවත්වන බවත් ඝාතන සඳහා භාවිතා කළ බවට සැලකෙන මෝටර් රථය වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යවනු ලබන බව ද පොලිසිය පවසයි.













