37වැනි පොලිස්පතිවරයා ලෙස නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතා අද සිය ධූරයෙහි වැඩ බාර ගත්තා. මාධ්ය අමතමින් එතුමා, නිලයෙහි ප්රෞඪත්වය ආරක්ෂා කරමින් නීතිය සහ මනුෂ්යත්වය සුරකින්නට තමා ඉත සිතින් පොරොන්දු බව ස්ථිරව පවසා සිටියේය. එලෙසම, පාතාලය සහ මත්ද්රව්ය ජාවාරම්කරුවන් ගැනත් ඔවුනට සහය දෙන දේශපාලඥයින්වත් තමා හොඳින් හඳුනාගෙන සිටින බවත්, ඊට එරෙහිව ක්රියා කිරීමට කිසිවිටෙකවත් පසුබට නොවන බවත් වැඩිදුරටත් පවසා සිටියේය.
දමයන්ති








