බස් ගාස්තු සඳහා කාඩ්පත් ගෙවීම් ලබන සඳුදා (24) ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
නව ගෙවීම් ක්‍රමය කොට්ටාවේ මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයේදී දියත් කෙරෙන අතර, මුලින් ගාල්ල, මාතර සහ බදුල්ල දක්වා මාර්ග ආවරණය කෙරේ.
මහජනතාවට ඩිජිටල් ගනුදෙනු පහසු කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඇතුළුව බැංකු පහක් මෙම මුලපිරීම සමඟ එක්වී ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය.











