ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බලංගොඩ සරත් වීරවංශගේ ‘මට හැටයි… කතා හැටයි …” දොරට වැඩුම 22 දා

රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බලංගොඩ සරත් වීරවංශ මහතා විසින් රචිතමට හැටයි  කතා හැටයි …” කෘතිය  දොරට වැඩුම නොවැම්බර් 22 දින සවස 2.30 බලංගොඩ සේනක සෙන් සමාගමේ ශ්‍රවණාගාරයේ දි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අනුරාධපුර බුද්ධ ශ්‍රාවක විශ්ව විද්‍යාලයේ මහා මහෝපාධ්‍යාය , බලංගොඩ මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් මහා විහාරාධිපති , දර්ශනපති අති පුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙහිදී ප්‍රධාන ආරාධිත දේශන දෙකක් පවත්වන අතර, ප්‍රධාන දේශනය  අස්ගිරි මහා  විහාර පාර්ශ්වයේ රත්නපුර මහ දිසාවේ අධිකරණ සංඝනායක, විශ්‍රාමලත්   ගුරු උපදේශක, බලංගොඩ දෙල්ගහතැන්න ශ්‍රී දේවපියාරාමය, බලංගොඩ බෝමිඔුව ශ්‍රී බෝධිමණ්ඩලාරාම පුරාණ විහාරය, වැලිපතයාය ලංකා පබ්බත රාජමහා විහාරය යන විහාරස්ථාවල විහාරාධිපති අති පුජ්‍ය ගැටඇරළුවේ සංඝරක්ඛිත නායක ස්වාමින් වහන්සේ විසින් සිදුකරන අතර, ආරාධිත දේශණය මාධ්‍යවේදී , සාහිත්‍ය විචාරක ප්‍රියන්ජිත් ආලෝක බණ්ඩාර මහතා විසින් සිදුකරනු ලබයි.

මුලසුන දෙසුම ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, දර්ශනපති, අතිපුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහානාහිමියන් විසින් සිදුකරනු ඇත. ආරාධිත  පිරිස පංචසීලයේ පිහිටුවීම බලංගොඩ සමාජ සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ බලංගොඩ තුඔගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරාධිකාරී ඉඔුල්පේ විජිතවංශ නායක ස්වාමින් වහන්සේ සිදුකරන අතර, යහළවෙල හපුගහකුඔුර ගම්වාසීන් වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩය  බලංගොඩ යහළවෙල හපුගහකුඔුර සිරි බෝධි මළු විහාරාධිපති, ශ්‍රී  ධර්මානන්ද පිරිවෙනේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදි පුජ්‍ය මහනෙටුලේ විජිතධම්ම හිමි විසින් සිදුකරනු ලබයි.

මෙම උත්සවය සඳහා කතුවරයා වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බලංගොඩ සරත් වීරවංශ මහතා සියලු හිතවතුන්ට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website