දිට්වා සුළි කුණාටුවේ බලපෑම – පවුල් 2109ක අයත් පුද්ගලයින් 6413ක් තවමත් ආරක්ෂිත මධ්‍යස්ථානවල

දිව්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව, රැකවරණ මධ්‍යස්ථානව රැී සිටින පවුල් සංඛ්‍යාව ඇතුළු දෛනික තත්ත්වය වාර්තාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (07) දින නිකුත් කර ඇත.

මෙම වාර්තාවට අනුව අද (07) දිනය වන විට පවුල් 65,027කට අයත් පුද්ගලයින් 220,408ක් පීඩාවට පත්ව සිටින අතර පුද්ලයින් 173 දෙනකු තවමත් අතුරුදන්ව සිටී. මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 650කි.

නිවාස 6018ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස සංඛ්‍යාව 108,879කි.

ආරක්ෂත මධ්‍යස්ථාන 81ක පවුල් 2109ක අයත් පුද්ගලයින් 6413ක් මේ දක්වා රැකවරණය ලබති.

අදාළ සම්පූර්ණ වාර්තාව පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website