අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී සහ ඇතිවූ අර්බුද හමුවේ රජය වගකිව යුතු රජයක් ලෙස මැදිහත්වීම් සිදු කර ඇති අවස්ථාවේ දී විපක්ෂය ඒ පිළිබඳව ව්‍යාකූලත්වයක් සමාජගත කිරීමට උත්සාහයක යෙදෙමින් ගෙන යන දෙබිඩි ප්‍රතිපත්තිය ප්‍රශ්න කළ යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හය ශ්‍රේණිය මොඩියුලවලට එහා ගිය ක්‍රියාවලියක් බැවින් මෙම ප්‍රතිසංස්කරණ කිසි ලෙසකත් වැරදි ලෙස අර්ථකථනයන්ට ලක් නොකරන ලෙස අග්‍රාමාත්‍යවරිය විපක්ෂයට පැවසී ය. ප්‍රතිසංස්කරණ වලට අදාළව කුළුණු පහක් යටතේ ක්‍රියාත්මක වැඩකටයුතු එලෙසම ක්‍රියාත්මක බවත් ප්‍රතිසංස්කරණ අත්හිටුවීමක් කිසිසේත්ම සිදු නොවන බවත් පැවසුවාය.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වන්දි ලබාදීමේ කටයුතුවල මාස දෙකක කාලයක් තුළ ප්‍රගතිය අග්‍රාමාත්‍යවරිය අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.
ඒ අනුව පෙබරවාරි 02වැනි දා ට අදාළව දරුවන් වෙනුවෙන් ලබා දෙන රුපියල් 15,000 දීමනාව මේ වන 72%ක් සඳහා ද, මරණ වන්දි ලබාදීම් 50%ක් සඳහා ද, රුපියල් 50,000 දීමනාව 77% ක් සඳහා සහ රුපියල් 25,000 දීමනාව 98%ක් සඳහා ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.















