වැල්ලවත්ත හැව්ලොක්සිටි වෙළඳසංකීරණයේ පිහිටන සිනාමාහල ඉදිරිපිට පසුගිය ජනවාරී 08 දින පැවති චිත්‍රපට මුහුරත් උළෙලකට සහභාගී වූ රංගන ශිල්පියෙකු අවසානයේ එම උළෙලට සහභාගී වූ වෙළඳ දැන්වීම් නිර්මාණ ශිල්පියෙකුට පහරදීමක් සිදුකළ බවට ලද පැමිණිල්ලක් අනුව වැල්ලවත්ත පොලිස් ස්ථානය අදාළ රංගන ශිල්පියා අද (03) දින අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුට අවස්ථා කිහිපයක දී පොලිසිය වෙත ඉදිරිපත් විමට දැනුම් දුන්න ද නො පැමිණ සිට ඇති අතර අද දින නීතිඥයෙකු මාර්ගයෙන් සැකකරු පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමේ දී අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. වැල්ලවත්ත පොලිස් ස්ථානය විසින් සිද්ධියට අදාල CCTV දර්ශන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර කරුණු වාර්තා කර ඇත.












