ලංකා සතොස ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමණාකරුවෙකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
“අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහ ලංකා සතොස ආයතනයේ පවත්නා නීතිරීතිවලට පටහැනිව ලංකා සතොස ආයතනයට පාඩුවක් වන බවට දැනුම හා චේතනාව ඇතිව පුද්ගලික ව්‍යාපාරිකයෙකුට වාසියක් සැලසීමේ අරමුණින් සුදුළුෑණු කිලෝ ග්‍රෑම් 54860 ක් කිලෝ එකක් රු.135 /- ක මුදලකට පුද්ගලික පාර්ශ්වයකට විකිණීමෙන් රු.17,006,600/- ක පාඩුවක් ලංකා සතොස ආයතනය වෙත සිදු කිරීමේ දූෂණ චෝදනා මත ලංකා සතොස ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමණාකරුවෙකු (සැපයුම්) වූ රණසිංහගේ සිරිනිමල් ප්‍රනාන්දු සහ පෞද්ගලික තැරැව්කරුවෙකු වන දොමගමුව මුදියන්සේලාගේ ආරියවංශ සහ ව්‍යාපාරිකයෙකු වන සින්නයියා කමල කුමාර් යන අයවලුන් 2026.01.29 වන දින පිළිවෙළින් පෙ.ව.9.15ට , පෙ.ව.9.17ට සහ පෙ.ව.11.20ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි”.












