CID නිලධාරීන් බව පවසා රන් පැහැති බුද්ධ ප්‍රතිමාව සොරා ගත් සැකකරුවන් 14ක් අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් බව පවසමින් පුද්ගලයින් සිව්දෙනෙකු මාවතගම  කැබිලිතිගොඩ පුරාණ රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ අඩි 1 1/2 පමණ වූ රන් පැහැති බුද්ධ ප්‍රතිමාවක් ජනවාරී 28 වන දින රාත්‍රිය්දී රැගෙන ගොස් තිබුණි.

සිවිල් ඇඳුමින් සැරසී හැඳුනුම්පතක්ද ඉදිරිපත්කරමින් විමර්ශනයකට බුදු පිළිමය අවශ්‍ය බව පවසා තිබූ අතර විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රකාශ අනුව සැකකරුවන් සොයා මාවතගම පොලිස් ස්ථානය පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලදී.

විමර්ශනයේ දින දෙකක් අවසානයේ ඊයේ (31) දින සිද්ධියට අදාළ සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර පැහැරගන්නා ලද පිළිමවහන්සේ සහ අපරාධය සඳහා යොදාගත් වෑන් රථ දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 22 හා 56 වයස්වල පසුවන මිනීගමුව, තෙල්දෙණිය, මොණරාගල, මතුගම, මාතලේ හා රිදීගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ඊයේ දින පිළැස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගරු අධිකරණය විසින් පෙබරවාරී 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මාවතගම පොලිස් ස්ථානය අපරාධය සඳහා ආධාර අනුබල දුන් සියලු සැකකරුවන් සොයා තවදුරටත් විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website