හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය (02.05 – 02.11 ) රථවාහන සැලැස්ම

ඉන්දියාවේ සිට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ පෙබරවාරී 05 වන දින උදෑසන 06.00 සිට පෙබරවාරී 11 දින පෙරවරු 07.00 දක්වා මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත්කරනු ඇත.
පැමිණෙන සියළුම මහජනතාව වෙත කිසිදු අවහිරතාවයකින් තොරව සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා එම කාලසිමාව තුල ගංගාරාම විහාරස්ථානය අවට ප්රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් හා රථවාහන සැලැස්මක් ක්රියාත්මකයි.
මෙම ශ්රී සර්වඥ ධාතූ ප්රදර්ශනය පැය 24 පුරාම ක්රියාත්මක වන බැවින් පැමිණෙන බැතිමතුන්ගේ අරක්ෂාව සඳහා ශ්රී ලංකා පොලිසිය ක්රියාත්මක කරනු ලබන ආරක්ෂක වැඩපිලිවෙලට පූර්ණ සහයෝගය ලබාදෙන්න.
  • දේශීය හා විදේශීය බැතිමතුන් විශාල සංඛ්යාවක් මෙම ප්රදර්ශනය සඳහා පැමිනෙතැයි අපේක්ෂා කරන අතර ගැටකපන්නන්, සොරුන් වැනි අපරාධකරුවන් එම ප්රදේශය ආශ්රීතව ගැවසිය හැකි බැවින් තම මුදල් පසුම්බි, රන් ආභරණ ඇතුළු පුද්ගලික දේපළ සම්බන්ධයෙන් අවධානයෙන් හා විමසිලිමත්ව කටයුතු කරන්න
  • ජංගම දුරකථන, ගමන් මළු, ජැකට් සහ විද්යුත් උපකරණ යන ආදිය සර්වඥ ධාතූ ප්රදර්ශන කුටිය තුලට රැගෙන නොයාම. මෙහිදී ආරක්ෂක අංශ විසින් සෝදිසි කිරීම්, පරික්ෂා කිරිම් සඳහා අවශ්ය සහය සහ දායකත්වය ලබා දෙන්න.
  • රථවාහන ගමනාගමනයේදී නියමිත රථවාහන නීතියට ගරු කරමින් එයට අනුකූලව රථවාහන ධාවනය කිරීම හා අවශ්ය වන අවස්ථාවකදී පොලිස් නිලධාරීන්ගේ සහය ලබා ගන්න.
  • පහත රථවාහන සැලැස්ම අනුව රථවාහන ගාල් කිරීමට නියමිත ස්ථාන හා රථගාල් තුල පමණක් නවතා තැබීමට කටයුතු කරන්න.
විශේෂ ප්රවාහන පහසුකම් සේවාවක් සලසා දී ඇත.
පැරණි එම්.ඕ.ඩී. භූමියේ රථගාල ( MOD PARK ) පෝර්ට් සිටි රථගාල ( PORT CITY ) සහ ශ්රැංගිලා හෝටලය ( SHANGRI-LA HOTEL) අසල රථගාල සිට ගංගාරාම විහාරස්ථානය දක්වා බැතිමතුන්ගේ ගමනාගමන පහසුව සඳහා විශේෂ ප්රවාහන සේවාවක් (SHUTTLE ) යෙදවීමට කටයුතු කරයි.
මාර්ග වසා තබන ස්ථාන පහත පරිදි වේ.
• ජේම්ස් පිරිස් මාවත, ජිනරතන මාවත හන්දියෙන් ජිනරතන මාවතට (විහාරස්ථානය දෙසට) ඇතුල්වීම.
• ජිනරතන මාවත, හුණුපිටිය වැව පාර හන්දියෙන් විහාරස්ථානය දෙසට ඇතුල්වීම.
• ජිනරතන මාවත, ලේක් ක්රසන්ට් (හුණුපිටිය පාර ) හන්දියෙන් විහාරස්ථානය දෙසට ඇතුල්වීම.
• පාර්ක් විදිය, ජිනරතන මාවත හන්දියෙන් ජිනරතන මාවතට (විහාරස්ථානය දෙසට) ඇතුල්වීම.
• ස්ටෙපල් වීදිය, මුත්තයියා පාර හන්දියෙන් මුත්තයියා පාරට ඇතුල්වීම.
• ජේම්ස් පිරිස් මාවත, මුත්තයියා පාර හන්දියෙන් මුත්තයියා පාරට ඇතුල්වීම.

බර වාහන ඇතුල්වීම සීමා කිරීම පහත පරිදි වේ.

• උත්තරානන්ද මාවත ඔස්සේ පෙරහර මාවතට ඇතුල්විම.
• උත්තරානන්ද මාවත ඔස්සේ නවම් මාවතට ඇතුල්විම.
• කොම්පඤ්ඤවීදිය හන්දියෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුල්වීම.
• යුනියන් පෙදෙස ස්ටෙපල් වීදිය හන්දියෙන් ස්ටෙපල් වීදියට ඇතුල්විම.
• යුනියන් පෙදෙස ඩෝසන් වීදිය හන්දියෙන් ඩෝසන් විදියට ඇතුල්විම.
• ඉබ්බන්වල හන්දියෙන් හයිඩ් පාර්ක් කෝනර් වෙත ඇතුල්වීම.
• ධර්මපාල මාවත හා පාර්ක් විදිය හන්දියෙන් පාර්ක් විදියට ඇතුල්වීම.
• ධර්මපාල මාවත හුණුපිටිය හරස් පාර හන්දියෙන් හුණුපිටිය හරස් පාරට ඇතුල්වීම.
• පිත්තල හන්දියෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුල්වීම.

රථවාහන නවතා තැබීමට නොහැකි ස්ථාන

• නවම් මාවත
• පෙරහර මාවත
• රාමනායක මාවත
• ජේම්ස් පීරිස් මාවත
• ජිනරතන මාවත
• මුත්තයියා පාර
• අල්ටයාර් ඇවනිව්
• ස්ටෙපල් විදිය
• ඩෝසන් වීදිය
• යුනියන් පෙදෙස
• හයිඩ්පාර්ක් කෝනර්
• බේබෘක් පෙදෙස
• පාක් වීදිය
• ලේක් ක්රසන්ට්
• හුණුපිටිය වැව පාර
• ධර්මපාල මාවත

ගාස්තු අය නොකරන රථගාල්

• පෝර්ට් සිටි රථගාල
• ශ්රැංගිලා හෝටලය අසල රථගාල
• පැරණි එම්.ඕ.ඩී. භූමියේ රථගාල
• එෆ්.ආර්. සේනානායක මාවත රථගාල
• ධනපාල මාවත, විහාරමහාදේවී උද්යාන පෙදෙසෙ රථගාල
• ආනන්ද කුමාරස්වාමි මාවත ( ග්රීන් පාත්) රථගාල
• පාසල් පාර රථ නැවතුම් ස්ථානය
• වොක්ෂෝල් වීදිය රථගාල
• කළම්බු සිටි සෙන්ටර් අසල පැරණි සතොස පිහිටි හිස් භූමිය.

ගාස්තු අය කරන රථගාල්

• ගාමිණී වටරවුම අසල පුද්ගලික රථගාල
• ලේක්හවුස් ඉදිරිපිට රථගාල
• ඇක්සස් ටවර් ගොඩනැගිල්ලේ රථගාල
• පැරණි මැනිං වෙළඳපොල භූමියේ රථගාල
• චාමස් රථගාල
වැඩිදුර පහසුව සඳහා මාර්ග සිතියම් භාවිතා කරන්න.
May be an image of map and text that says '1 නවම් මාවත 2 පෙරහැර මාවත 3 රථවාහන නොනෑ නොනැවැත්වීම වැත්වීම ක්‍රියාත්මක කරන ප්‍රදේශ රාමනායක මාවත 4 Kompannavidiya පේම්ස් ಆಿರಿజ මාවත 5 HUNUPITIYA UNIONPLACE Vaushalls St ජිනරතන මාවත 6 මුත්තයියා පාර 7 WEKANDA COLOMBO 10 Altair ඇවනිච් Nawa 8 ΆΪΉΟ-ι als ස්වෙපල් වීදිය 9 ඩෝසන් වදිය 10 auaha! HedgesCt Hedge Η Asiri-Cent CentralHo NAWAM MAWATHA DeSaramP යුනියන් ಲ೦ಘಿಟಿ Crescatin 11 හයිඩ්පාර්ක් කෝනර් 6 Tusk Drun 12 Temple Trees 立 බේබෘක් ಲಿಂಘಿಲಿ 13 පාර්ක් වදිය 14 WarQ ලේක් ත්‍රසන්ට 15 Michaels Rd KOLLUPIT BoydP හුණුපිටිය වැච පාර 16 Rosmead Railway ධර්මපාල මාවත Viharamahadevi Vihara Park KURUN Bernes Green'Path CINNAMON GARDENS'
May be an image of floor plan, map and text
May be an image of floor plan, map and text

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website