මාදම්පිටිය, සත්හිරු සෙවණ මහල් නිවාසය අසල අද (22) නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු මාදම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය තිබී ත්‍රීරෝද රථයද සමඟින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 24 හා 29 වයස්වල පසුවන වැල්ලම්පිටිය හා කොළඹ 15 ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
එක් සැකකරුවෙකු සන්තකයේ තිබූ බෑගයක් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 300 ක්, විද්‍යුත් තරාදියක් හා හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැකකරන මුදල් රුපියල් 18,000/- ක් (දහ අටදාහක්) හා අනෙක් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 201 ක් පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පිටිය පොලිස් ස්ථානයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.












