නින්ද ගිය පියාගේ දෑතින් බිමට වැටුණු බිළිඳිය මරුට – සැකකාර පියා අත්අඩංගුවට

බිළිියකගේ මිය යාම සම්බන්ධයෙන් සැකපිට ඇගේ පියාව අළුබෝමුල්ල පොලීසිය විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත.

මියගොස් ඇත්තේ අළුබෝමුල්ල, බටදොබ තුඩුව ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි රුසේලි කෙයාශා නම් මාස දෙකහමාරක් වයසැති බිලිඳියක් බව පොලිසිය පවසයි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බිළිඳිය මියගොස් ඇති අතර ඇයගේ මරණයට හේතුවී ඇත්තේ හිසේ දකුණු පස තැලීමක් ඇතිවීම හේතුවෙන් මොළයට රුධිරය වාහනය වී ලේ කැටියක් සිරවීම බව හදිසි මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

ඒ අනුව හදිසි මරණ පරීක්ෂකවරයා විසින් එම මරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකර බිළිඳියගේ මව හා පියා කැඳවා ඒ සම්බන්ධයෙන් විමසා ඇති අතර එම අවස්ථාවේදී ඔවුන් පවසා ඇත්තේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවත් දරුවාට කිසිදු අනතුරක් සිදු නොවූ බවත්ය.

මේ අතර මරණය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන අතරවාරයේ දී මියගිය දැරියගේ පියා පොලීසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ පසුගිය 06 වනදා තමන් රාත්‍රී වැඩමුරය අවසන් කර 07 වනදා උදෑසන 06.15 ට පමණ නිවසට පැමිණි බවත් එම අවස්ථාවේදී දියණිය කාමරයේ ඇඳ මත තනිව සිටි බව දැක දරුවා අතට ගෙන මුළුතැන්ගෙට ගොස් පසුව නිවසේ ඉදිරිපස පුටුවක් මත වාඩිවූ බවත්ය.

මඳ වේලාවකින් දරුවා හඬන්නට වු බැවින් තමන් පුටුවෙන් නැගිට දියණිය අතට ගෙන ඇවිදිමින් ඇය නැළවූ බවත් එම අවස්ථාවේදී නොදැනීම තමන්ට නින්ද ගොස් දියණිය තම අතින් ගිලිහි බිම වැටි ඇති බවත් තමන් එකවරම අවදි වුයේ දියණියගේ හැඬීමේ ශබ්දයට බවත් පියා පොලීසියට පවසා ඇත.

පසුව අසල්වැසියෙකුට කතා කර දරුවා ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත රැගෙන ගිය බවත් අනතුරුව දරුවාව වැඩිදුර ප්‍රතිකාර සඳහා රිජ්වේ රෝහල වෙත එදිනම මාරුකර යැවූ බවත් එයින් දින තුනකට පසු දරුවා මියගිය බවත් ඔහු පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තමාට ඇතිවූ බිය නිසා නිවසේදී සිදුවූ අනතුර කිසිවෙකුටත් නොකී බවත් ඔහු වැඩිදුරටත් පැවසූ බව පොලිසිය පවසයි.

සැකකාර පියා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලීසිය වැඩදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website