6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අර්බුදය : NIE නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ව අනිවාර්ය නිවාඩු යැවේ

හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් උද්ගත වූ අර්බුද හමුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යවා ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ තවත් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

මීට පෙර, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය මතභේදාත්මක 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය පිළිබඳ විමර්ශනය අවසන් වන තෙක් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළාය.

මේ අතර මතභේදාත්මක 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වන ලද විමර්ශන වාර්තාවේ සොයාගැනීම් මත පදනම්ව, සිද්ධියට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන කටයුතු මණ්ඩලය විනය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය ජයතිස්ස මහතා පසුගිය දා කැබිනට් මාධ්‍ය හමුවේ දී පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website