මීළඟ පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කෙරේ – සම්පූර්ණ වාර්තාව මෙන්න !

  • පාර්ලිමේන්තුව ජනවාරි 20 සිට 23 දක්වා රැස්වෙයි

2026 ජනවාරි මාසයේ දෙවැනි පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු අද (14) ගරු නි‍යෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය. මේ අනුව පාර්ලිමේන්තුව ජනවාරි 20 සිට 23 දක්වා රැස්වීමට නියමිතය.

2026 ජනවාරි 20 වැනි අඟහරුවාදා පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා 2025.12.15 දිනැති අංක 2467/03 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2002 අංක 24 දරන  සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතය.  ඉන්පසු ‍ ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.

2026 ජනවාරි 21 වැනි බදාදා පෙ. ව 9.30 පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ද වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

අනතුරුව පෙ.ව 11.30 ට දිට්වා සුලි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැත් වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන විශේෂ කාරක සභාව පත් කිරීමේ යෝජනා සම්මතය අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා දිට්වා සුලි කුණාටුවෙන් පසු රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.

2026 ජනවාරි 22 වැනි බ්‍රහස්පතින්දා පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. ඉන්පසු පෙ.ව. 11.30 සිට ප.ව 5.30 දක්වා  ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.

2026 ජනවාරි 23 වැනි සිකුරාදා පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇති අතර ප.ව. 5.00 – ප.ව 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website