අධිවේගී මාර්ගයේ පැමිණි කාර් රථය තුළ අයිස් කිලෝ 6ක් සහ හෙරොයින් කිලෝ 5ක්

කොළඹ දෙස සිට අධිවේගී මාර්ගයේ පැමිණි කාර් රථයක් අධිවේගී මාර්ග කොට්ඨාසයේ ගොඩගම අන්තර් හුවමාරු ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (14) පාලටුව පිටවීමේ දොරටුව අසලදී පරීක්ෂා කර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 යි හෙරොයින් කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

කාර් රථය පරීක්ෂාවට නැවැත්වීමේදී කාර් රථයේ රියැදුරු සහ එහි සිටි තවත් පුද්ගලයෙකු රථය නවතා පලායාමට උත්සාහ ගත්ත ද නිලධාරීන් ඔවුන්ව ලුහුබැඳ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා අවුරුදු 20 හා 21 වයස්වල පසුවන මාතර නාවිමන හා කොටුවේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website