රන්මාල කොල්ලකෑම් හා යතුරුපැදි සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය දා (13) මොරටුව පොලිස් වසමේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 500ක් හා යතුරුපැදිය සමග අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වයස අවුරුදු 36ක් වන මෝලපේ, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශන වලදී මොරටුව, කොට්ටාව හා එගොඩඋයන පොලිස් වසම් වල රන් භාණ්ඩ කොල්ලකෑම් හා යතුරුපැදි සොරකම් රැසකට අවශ්‍ය කරන සැකකරුවෙකු බවට අනාවරණය වී ඇත.

කොල්ලකන ලද රන් භාණ්ඩ උකස් කල රිසිටිපත් කිහිපයක් හා සොරකම් කල යතුරුපැදි 02ක් විමර්ශන නිලධාරින් විසින් සොයාගෙන ඇත. මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website