සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක පිළිබඳ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා (09) වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක මගින් මහ මුහුදේදී අන්තරායදායක ඖෂධ වර්ග ජාවාරම් හා නිෂ්පාදන ක්‍රියාමාර්ග පාලනය සඳහා පවතින නීති සංශෝධනය කර නව නීති සහ විධි විධාන හඳුන්වාදීම සිදු කිරීමට නියමිතය.

කාරක සභාවේදී මෙම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීම සිදු වූ අතර පැමිණ සිටි කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ‍මෙම පනත් කෙටුම්පත්වලට ඇතුළත් විය යුතු තවත් සංශෝධන කිහිපයක්ද යෝජනා කරන ලදි. ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගැනීම සහ අමාත්‍ය මණ්ඩල අනුමතිය සඳහා ඉදිරිපත් කිරීම සිදු කළ යුතු බව නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අනුව ඉදිරියේදී කාරක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් නැවත සමාලෝචය කිරීමට තීරණය විය.

එසේම මෙහිදී රජයේ රස පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම සම්බන්ධයෙන් සහ eZ-cash සහ mCash මත්ද්‍රව්‍ය ජාවාරමේදී යොදාගැනීම සම්බන්ධයෙන් වාර්තා වන බවත් එබැවින් මේ සම්බන්ධයෙන් ගත හැකි නීතිමය පියවර සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීම සිදු විය.

මෙම රැස්වීමට ගරු නියොජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, (නීතීඥ) අජිත් පී පෙරේරා, (ජනාධිපති නීතීඥ) ෆයිසර් මුස්තාපා, (නීතිඥ) තුෂාරි ජයසිංහ සහ චන්දන සූරියආරච්චි, (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website