කටුනායක ගුවන්තොටුපළ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත අද (12) දින අළුයම කාලයේ කළ වැටලීමකින් නීති විරෝධීව මෙරටට ආනයනය කල දුම්වැටි 2,400ක් සමඟ විදේශ ජාතික සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 56 ක් වූ ඉන්දියන් ජාතික පුද්ගලයෙකි. ගුවන්තොටුපළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.












