සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය UNICEF ආයතනය සහ Clean Sri Lanka වැඩසටහන එක්ව මුල් ළමාවිය දරුවන්ගේ සමාජ සහ චර්යාත්මක වෙනසක් උදෙසා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන ජාතික වැඩසටහන (SBCC) එළිදැක්වීමේ අවස්ථාව ඊයේ (10) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පෙර පාසල් අධ්‍යාපනය එක රාමුවකට අනුව පවත්වාගෙන යාමටත්, පෙර පාසල් අධ්‍යාපනය එක් විෂය මාලාවකට අනුගත කිරීමටත්, ගුරු පුහුණුව ක්‍රමාණුකූලව පවත්වා ගැනීමට හා ගුණාත්මකභාවය තහවුරු කිරීමටත් රජය විසින් කටයුතු ආරම්භ කර ඇති බව එම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.














