බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය දා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වැටලීමක් සිදුකර කේරළ ගංජා කිලෝ 02 ග්‍රෑම් 200 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 250 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන එම සැකකරු විසි දෙහැවිරිදි වියේ පසුවන්නෙකි. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
කේරළ ගංජා කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 855 ක් මරදන්කේනි පොලිස් වසමේ චැම්පියන් පත්තු ප්‍රදේශයේ පාළු නිවසක් ආසන්නයෙන් සොයාගෙන එම තොගය තබාගැනීම සම්බන්ධව සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරීන් ක්‍රියා කර ඇත.
වැටලීම 2026.01.09 වන දින සවස සිදුකර ඇත. සැකකරු වයස අවුරුදු 20 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
වැටලීම සඳහා මරදන්කේනි පොලිස් ස්ථානයේ කණ්ඩායමක්ද එක්ව ඇති අතර වැඩිදුර විමර්ශන මරදන්කේනි පොලිස් ස්ථානය මගින් ක්‍රියාත්මකයි.












