මැල්සිරිපුර පොලිස් වසමේ අඹේපුස්ස ත්රීකුණාමලය ප්රධාන මාර්ගයේ නාබැට ප්රදේශයේදී ඊයේ (10) දඹුල්ල දෙස සිට කුරුණැගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ඉදිරියෙන් ධාවනය කල ලොරි රථයක පිටුපස ගැටී විසිවී ගොස් ප්රථිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයකද ගැටී ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා පොල්ගොල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 51ක් වූ දියතුරේ, මැල්සිරිපුර ප්රදේශයේ පදිංචිකරුවෙකි.ක
මෘත ශරීරය පොල්ගොල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. යතුරුපැදිය පිටුපස ගැටුනු ලොරි රථය නොනවත්වා ධාවනය කර ඇති අතර අවට පොලිස් ස්ථාන දැනුවත් කිරීමෙන් පසු බෝගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලොරි රථය හා රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. අනතුරට අදාල අනෙක් ලොරි රථයේ රියදුරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර මැල්සිරිපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.












