Rebuilding Sri Lanka: ව්‍යසනයට පෙර පැවති රටට වඩා හොඳ රටක් ගොඩනඟනවා – ජනපතිගෙන් සහතිකයක්

ජනවරමේ අපේක්ෂා ඉටුකරන අතරම ව්‍යසනයෙන් පසු, පැවති තත්ත්වයට වඩා හොඳ රටක් සහ ජන ජීවිතයක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළ රජය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මෙරට දරු පරපුරට ජාත්‍යන්තරය ජයගත හැකි නවීන අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බවත්, ග්‍රාමීය දරු පරපුර විෂම දුප්පත්භාවයේ චක්‍රයෙන් මුදාගත හැකි එකම මාවත අධ්‍යාපනය බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා අසත්‍ය ප්‍රචාරවලට යට නොවී රටට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියටම ක්‍රියාත්මක කරමින් දරු පරපුරට හොඳ අනාගතයක් ගොඩනගා දීමට කටයුතු කරන බව සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ  අනුරාධපුර දිස්ත්‍රීක්කයේ රාජාංගනය, තලාව, නොච්චියාගම, මහවිලච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, මහින්තලය, රඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සඳහා අද (09) රාජාංගනය, වැවේ පන්සල අසළදී පැවති වැඩසටහනට එක් වෙමිනි.

ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ගොඩනැංවීම වෙනුවෙන් ආරම්භ කළ ‘Rebuilding Sri Lanka’ යටතේ වූ ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස මෙම නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ආපදාවෙන් නිවාස අහිමි වු, නැවත එම ස්ථානයේම නිවස ඉදිකළ හැකි බවට තත්ත්ව සහතිකය ලද පවුල් වෙනුවෙන් නිවාස ඉදිකර ගැනීම සඳහා වන්දි ප්‍රදානය කිරීම එහි පළමු අදියර යටතේ සිදු කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජනවරමේ අපේක්ෂා ඉටුකරන අතරම ව්‍යසනයෙන් පසු, පැවති තත්ත්වයට වඩා හොඳ රටක් සහ ජන ජීවිතයක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළ රජය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බවයි.

නිවාස ඉදිකිරීම ආරම්භ කරමින් සංකේතාත්මකව එක් නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා අනතුරුව පැවති උත්සවයේදී ප්‍රතිලාභීන් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමටද එක් විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website