අලුතින් මිලදී ගනු ලබන යතුරුපැදි අනාරක්ෂිත ලෙස පිරිසිදු කිරීමට යාමේ දී සිදුවන අනතුරුවල ඉහළ යාමක් වාර්තා වන බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් හා සැත්කම් අංශයේ වෛද්‍ය ගනිඳු මාධව මහතා සඳහන් කළේය.
අද (08) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ කරුණු හෙළි කළ මාධව මහතා වයස අවුරුදු 20 – 30ත් අතර තරුණයින් මෙම අනතුරුවලට වැඩි වශයෙන් ලක්ව ඇති බව ද හෙළි කළේය.
මෙවැනි අනතුරුවලට ලක්වන පුද්ගලයින්ගේ හුරුඅතේ ඇඟිලි තුඩුවලට අධික ලෙස හානි සිදුවන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.












