වෙන්නප්පුවේ නීතිවිරෝධී මත්පැන් විෂ වී සිදුවූ මරණ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්

වෙන්නප්පුව පොලිස් වසමේ නීතිවිරෝධී මත්පැන් පානය කර විෂවීම හේතුවෙන් පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 08 දෙනෙකු මීගමුව රෝහලේ ප්‍රථිකාර ලැබීමේ සිදුවීම සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිස් ස්ථානය මගින් විමර්ශනයක් ආරම්භ කරන ලදී.

ඒ අනුව ඊයේ (06) වන දින මෙම මරණකරුවන් හා රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් හට නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන ලද බවට සැකකරන වයස අවුරුදු 64ක් වන බෝලාන වයික්කාල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මෙම කාන්තාවට ගෝනුවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හා කාන්තාවක් විසින් නීති විරෝධි මත්පැන් ලබා දී ඇති බවට අනාවරණය වී ඇත.

ඒ අනුව නිලධාරීන් විසින් මත්පැන් ලබා දුන් බවට සැකකරන වයස අවුරුදු 44ක් වන දකුණු ගෝනුවිල, දංකොටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website