ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ දිනක වැටුප ‘Rebuilding Sri Lanka’ අරමුදලට

ශ්රී ලංකා පොලිසියේ නිලධාරීන් තම දිනක වැටුප වශයෙන් රුපියල් මිලියන 50ක මුදලක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්යාග කර තිබේ.
ඊට අදාළ චෙක්පත පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී ඊයේ (06) පස්වරුවේ පිළිගන්වනු ලැබීය.
මහජන ආරක්ෂක අමාත්යංශයේ ලේකම් හිටපු නියෝජ්ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website