2025.01.01 සිට 2026.01.05 දක්වා කාලය තුළ, හෙරොයින් 1821.174kgක්, අයිස් 3865.710kgක්, ගංජා 17189.377kgක්, කොකේන් 38.958kgක්, මත්පෙති සහ මත් කරල් 4,049,569ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙම තොරතුරු අනාවරණය වූයේ ‘විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමේ “රටම එකට ජාතික මෙහෙයුම් සභාව” තෙවන වරටත් අද (06) ජනපති ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේ දීය.
පසුගිය සාකච්ඡාවේදී තීරණය කළ පරිදි අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමේ කටයුතුවල ප්‍රගතියද මෙහිදී කමිටුවේ අවධානයට යොමු වූ අතර, එම කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන්නේය. එමෙන්ම, දැනට අත්අඩංගුවට ගෙන තිබෙන මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමේ ප්‍රගතිය පිළිබදවද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ සමාජයීය තොරතුරු හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඊට අදාළ දත්ත එක්රැස් කිරීම වෙනුවෙන් සමීක්ෂණයක් සිදු කිරීම පිළිබඳවද සාකච්ඡා විය.
මෙම සාකච්ඡාවට රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් පිරිසක් සහභාගී වූහ.












