මහනුවර නගරය, පේරාදෙණිය හා කටුගස්තොට නගරවල අනවසර පදික වෙළෙඳුන් ඉවත් කරයි

මහනුවර නගරය, පේරාදෙණිය හා කටුගස්තොට නගරවල අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීම නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මියගේ සහ පොලිසියේ මැදිහත් වීමෙන් අද (02) පෙරවරුවේ සිදුකෙරුණි.

මහනුවර නගරයේ අනවසර පදික වෙළෙඳුන් ඉවත් කරන බව මහනුවර මහ නගර සභාව විසින් පසුගිය ජූලි මාසයේ දී දැනුම් දී තිබූ අතර ඉවත් කරන ව්‍යාපාරිකයින් සඳහා බෝගම්බර ප්‍රදේශයේ ස්ථානයක් ලබාදීමට ද නගර සභාව පියවර ගෙන තිබුණේය.

අද දින අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීම සිදුවන අවස්ථාවේ වෙළෙඳුන් සහ නගර සභාවේ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් වර්ධනය විය. මහ නගර සභාවේ මෙම තීරණයට සිය විරෝධය පළ කළ වෙළෙඳුන් පවසන්නේ තමන්ට විකල්පයක් ලෙස බෝගම්බර ප්‍රදේශයේ ස්ථානයක් ලබා දුන්න ද එම ප්‍රදේශය ජනාකීර්ණ නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website