කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රා.ස. හිටපු උප සභාපති ඝාතනය කිරීමට අනුබල දුන් සැකකරු වසර තුනකට පසු කොටුවෙයි

කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන පුද්ගලයෙකු වසර තුනකට ආසන්න කාලයකට පසු බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් අද (01) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

​2022 අගෝස්තු මස 02 වන දින මුල්ලේරියාව පොලිස් වසමේදී හිටපු උප සභාපතිවරයාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව, අදාළ අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන මෙම සැකකරු ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබේ.

​අත්අඩංගුවට පත් සැකකරු 32 හැවිරිදි වියේ පසුවන කොක්මෝවිට, පරකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

සටහන –  සුවිමාලී මනෝරත්ත

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website