ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව නිෂ්පාදන 07ක් එළි දැක්වීමේ අද (30) නාවින්න ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහභාගී විය.
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ඖෂධ බෙදාහැරීමේ ක්‍රියාවලියේ දී රාජ්‍ය අංශය ප්රමුඛව කටයුතු කරන අතර, 2024 වර්ෂයේදී රාජ්‍ය අංශය විසින් සිදුකරන ලද මිල දී ගැනීම් පදනම් කරගෙන එම ආයතන ඇගයීමට ලක් කිරීම ද මෙයට සමගාමීව සිදු කෙරිණි.














