People’s Excellency Awards 2025: හොඳම මහජන සන්නිවේදනය සඳහා සම්මානය පොලිස් මාධ්‍ය අංශයට

2025 ජනතා විශිෂ්ටතා සම්මාන උළෙලේ හොඳම මහජන සන්නිවේදනය සඳහා වන සම්මානය පොලිස් මාධ්‍ය අංශය විසින් දිනා ගත්තේය.

මෙම වසරේ විශේෂයෙන් ජනප්‍රිය වූ රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආයතන ඇගයීම සඳහා මෙම වසරේ සම්මත අගය කිරීමේ සන්නාමයක් වන Iconic Award Private Company විසින් පවත්වන ලද ජනතා විශිෂ්ටතා සම්මාන උළෙල ඊයේ (29) සවස බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

මහජන සන්නිවේදනය විශිෂ්ට ලෙස පවත්වා ගෙන යාම වෙනුවෙන් පොලිස් මාධ්‍ය අංශයට මහජන සන්නිවේදන සම්මානය හිමි විය.

පොලිස් මාධ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් නිලධාරී, පොලිස් මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ එෆ්.යූ. වුට්ලර් මහතා සම්මානය ලබා ගැනීමේ උත්සවයට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website