කලවාන පොලිස් වසමේ දුනුමාගල කන්ද වත්ත ප්රදේශයේදී කලවාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කැණීම් උපකරණ හා පූජා භාණ්ඩද සමඟ ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 25 හා 46 වයස්වල පසුවන නාවලකන්ද ප්රදේශයේ පදිංචිකරුවන් වේ. කලවාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි












