නායයෑම් අවදානම ඉහළ ප්‍රදේශවල නැවත පදිංචිය: ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයක දැඩි ස්ථාවරයක

නායයෑම් අවදානම ඉහළ මට්ටමක පවතින බවට හඳුනාගත් ප්‍රදේශවල නැවත පදිංචි කිරීමට ඉඩ නොදෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා අවධාරණය ක‌ළේය.

සවිස්තරාත්මක තක්සේරු කිරීම්වලින් පසු බලපෑමට ලක් වූ කලාපවල පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථානවලට ගෙන යාමට රජය තීරණය කර ඇති බව ඔහු පැවසීය.

අනාගත නායයෑම් අවදානම් තක්සේරු කිරීම සඳහා දියුණු ත්‍රිමාණ තාක්‍ෂණයේ සහාය ඇතිව ඉඩම් හඳුනාගැනීමේ වැඩසටහනක් දැනට ක්‍රියාත්මක වන බව ද ආචාර්ය කරුණාවර්ධන මහතා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website