‘2025 ජාතික සුරක්ෂිත දින’ ප්‍රධාන සැමරුම් උත්සවය 26 වැනිදා පෙ.ව 8.30 සිට පෙ.ව 11.00 දක්වා ගාල්ල “පෑරැලිය සුනාමි ස්මාරකය” අභියසදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදා හේතුවෙන් මිය ගිය, අතුරුදන් වූ රටේ සියලු පුද්ගලයින් සිහිපත් කරමින් මෙම සැමරුම වාර්ෂිකව පැවැත්වේ. පැවති ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම වැඩසටහන චාම් ලෙස පැවැත්වීමට පියවර ගත් බව රජය පවසයි.












