දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයට පුළුල් හානියක් සිදු කර ඇති අතර, මහ කන්නයේ වගා කළ වගාවන්ගෙන් සියයට 20ක් පමණ අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ගෝලීය තොරතුරු සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය (Global Information and Early Warning System – GIEWS) පවසයි.
දිට්වා සුළි කුණාටුවෙන් ධීවර අංශයේ පමණක් පාඩු රුපියල් බිලියන 20.5ත් 21.5ත් අතර වන බව GIEWS ඇස්තමේන්තු කර ඇත.
කුඩා ඉඩම් හිමි වී ගොවීන් 227,000 කට වැඩි පිරිසක් පීඩාවට පත් වූ අතර පශු සම්පත් අංශය ද සැලකිය යුතු හානියක් වාර්තා කර ඇත. කුකුළන් 475,000ක් සහ ගවයින්, මී හරකුන්, එළුවන් සහ ඌරන් 50,000කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්ව ඇත.
ධීවර උපකරණ, බෝට්ටු, ඉස්සන් ගොවිපලවල් සහ ඒ ආශ්රිත යටිතල පහසුකම් වලට සිදුවන හානිය ග්‍රාමීය ප්‍රදේශවල ආහාර සුරක්ෂිතතාවයට සහ ග්‍රාමීය ගොවීන්ගේ ආදායමට තවදුරටත් බලපානු ඇතැයි ආහාර හා කෘෂිකර්ම සංවිධානය වැඩි දුරටත් පවසයි.
















