අපදාවටපත් කර්මාන්තකරුවන් 531කට මුල් අදියර යටතේ රුපියල් මිලියන 106ක්‌

”දිට්වා” සුළි කුණාටුව සමඟ ඇතිවු දැඩි අයහපත් කාලගුණ තත්වය මත පැනනැගුනු දිවයිනටම බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව අකර්මන්‍යව ඇති කර්මාන්ත නැවත යථාවත් කිරීමෙහි මුලික පියවරක් ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයයේ මැදිහත්වීමෙන් රජය විසින් එක් වරක් පමණක් ගෙවනු ලබන දීමනාවක් ලෙස, ඒකකයක් වෙනුවෙන් රුපියල් 200,000ක මූල්‍ය සහනයක් ලබා දීමට තීරණය කරන ලදී. 
ඒ අනුව “දිට්වා” සුළි කුණාටුවෙන් පූර්ණ හෝ අර්ධ හානියට පත්වූ ව්‍යාපාර හඳුනැගැනීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද  දත්ත පද්ධතිය මඟින් මේ වනවිට දිවයිනපුරා ආපදාවට ලක්වූ කර්මාන්තකරුවන් 10000කට ආසන්න ප්‍රමාණයක් හදුනාගෙන ඇත. ඒ අතරින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් තහවුරුකරගත්, කර්මාන්ත හා ව්‍යවසායක සංවර්ධන අමාත්‍යාංශයේ ලියාපදිංචි කර්මාන්තකරුවන් 531දෙනෙක් අතරේ , රුපියල් මිලියන 106.2ක මුදලක් බෙදා හැරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වනවිට  ගම්පහ, කොළඹ, මන්නාරම, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කෑගල්ල, මොණරාගල, බදුල්ල, පොළොන්නරුව,රත්නපුර හා අනුරාධපුරය යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිදහස් කර ඇත.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ලෙස, රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ස්ථායිතාවය හා අඛණ්ඩතාවය තහවුරු කරගනිමින්, මෙම ස්වභාවික ව්‍යසනය හමුවේ ආපදාවට පත් කර්මාන්තකරුවන් නැවත නගා සිටුවීම සඳහා මේ වන විටත් විවිධ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර, අනාගතයේදි මෙවැනි ස්වභාවික ආපදාවන් හමුවේ ශක්තිමත්ව මුහුණදිය හැකි ශක්තිමත් කර්මාන්ත ක්ෂේත්‍රයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය හදුනාගනිමින් ඊට අදාල යාන්ත්‍රණය සකස් කරමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website