පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ නගර සභා කණ්ඩායම් නායකයා ලෙස හා නගරාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කළ හිරාන් කෝසල (47) මහතා අද (22) පෙරවරු 8.05ට පමණ වෙඩි තබා ඝාතනය කර තිබේ.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ කෝසල මහතා අම්බලන්ගොඩ නගරාසන්නයේ පිහිටි ප්‍රසිද්ධ වෙළඳ සමාගමකට අයත් ශාඛා කාර්යාලයක් තුළ රැඳි සිටියේය. ඔහු එම කාර්යාලයේ කළණාකරු වශයෙන් සේවය කළේය.
මෙම ඝාතනය කොට ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු බවට මේ වන විට අනාවරණය වී තිබෙන අතර වෙළෙඳ සැල තුළට පැමිණි එක් පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් සඳහන් කළේය.
කෙසේවෙතත් මෙම වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය හෝ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.















