මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති සරත් කොටගම දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට

No photo description available.මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන කීර්ති බණ්ඩාර කොටගම යන අය 2025.12.09 වන දින ප.ව.4.30ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද බව අල්ලස් හෝ දූෂණ චෝදා විමර්ශන කොමිෂන් සභාව අද (22) නිකුත් කළ නිවේදනයක සහන් වෙයි.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

“ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩමක ඉදිකර ඇති ගොඩනැගිල්ල ඇතුළු දේපල 2022.05.09 වන දින ඇති වූ ජනතා අරගලයේ දී හානියට පත් වූ පසු වන්දි ලබාගැනීමට උපයෝගී කර ගැනීම සඳහා එම දේපල හිටපු මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර කුමාර රාජපක්ෂ යන අයගේ සේවකයකු වන මනෝජ් හේමලාල් ඒකනායක නමින් බලපත්‍රයක් සකස් කිරීම සඳහා තමා යටතේ සේවය කරනු ලබන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව කලාපයේ නේවාසික කළමණාකරු ඇතුළු එහි නිලධාරීන්ට බලපෑම් සිදුකර, උක්ත ශෂින්ද්‍ර කුමාර රාජපක්ෂ යන අයට ඉහත වන්දි මුදල් ලබාගැනීම සඳහා ආධාර අනුබල කිරීමෙන් 1992 අංක 12 දරණ පොදු දේපල පනතේ 5 (1) වගන්තිය අනුව වරදක් කිරීමට අනුබල දී 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 133 සහ 135 වගන්තිය සමඟ කියවෙන එම පනතේ 111 වගන්තියේ සඳහන් දූෂණය නැමැති වරද සිදු කිරීම මත ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ එවකට අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බණ්ඩාර කොටගම යන අය 12.09 වන දින ප.ව.4.30ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි”.

මූලාශ්‍රය – https://sinhala.ciaboc.gov.lk/media-centre/latest-news/1500-2025-12-22-12-58-47

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website