කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (22) දින ප.ව 02.00ට නිකුත් කළ දෙසැම්බර් මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ කොළඹ, කළුතර, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය: ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇති විය හැක.
සුළඟ: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට උතුර දක්වා දිශා වලින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.
බලපිටිය සිට කොළඹ, පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 ක් පමණ දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය: බලපිටිය සිට කොළඹ, පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.












