“රටම එකට” ජාතික මෙහෙයුමේ ප්‍රගතිය පොලිස් මාධ්‍ය ප්‍රකාශය රටට කියයි – නිල ප්‍රකාශයම මෙන්න !

සටහන – දසුනි නෙත්මිණි

ශ්‍රී ලංකා පොලිසිය විසින් පසුගිය ජනවාරී 01 වැනිදා සිට ක්‍රියාත්මක කළ ‘රටම එකට‘ ජාතික මෙහෙයුමෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පුරවැසියන් 166,344ක් පොලිස් භාරයට ගත් බවත් ඔවුන් අතරින් විවිධ වූ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවන් 6,456ක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිස් භාරයට ගැනීමට හැකි වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි, එන් යූ වුට්ලර් මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම මෙහෙයුමේ දී ගිනිවි 2268ක් අත්අඩංගුවට ගත් බවයි. එසේම වරෙන්තු 71,136කට අදාළව සැකකරුවන්, විවෘතව වරෙන්තු 46,847කට සම්බන්ධ සැකකරුවන් පොලිස් භාරයට ගෙන ඉදිරියේ අධිකරණාත්මක වශයෙන්  ක්‍රියාත්මක කිරීමට කටයුතු සම්පාදනය කර තිබෙන බව හෙළි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම කාලය තුළ හෙරෝයින් 1775kgක් සහ  701g ක්, ගංජා 16,151kg සහ 791g ක්කොකේන් 37kg ක් සහ 398g ක්හෂීස් 729kg ක් සහ 424g ක්අයිස් 3,606kg ක් සහ 465g ක්  අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද සහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ‘රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය හෙළි කරමින් මෙසේ ද පැවසුවේය.

“අපි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරගෙන යනවා. විශේෂයෙන්ම රටම එකට ජාතික මෙහෙවර සම්බන්ධයෙන් මහජනතාවගේ ගෞරවනීය සහාය දායකත්වය අපේක්ෂා කරන ගමන් ගත වූ සති කිහිපය තුළ විශේෂයෙන්ම රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රතිඵල අපි සමාජගත කරලා තියෙනවා.

මෙම රටම එකට මෙහෙයුමෙහි විශේෂ Hot line එකක්  1818  ලෙස අපි හඳුන්වාදීම සිදු කළා. මේ අංකය හරහා මේ වන විට ඉතාමත්ම වැදගත් සහ සාර්ථක ප්‍රතිඵල නෙළාදුන් තොරතුරු 3,376ක් ශ්‍රී ලංකා පොලිසියට ලැබිලා තියෙනවා. ඔබට නිතර පුරුදු 118 අංකයන් හරහාද ඔබ මේ වන විට ශ්‍රී ලංකා පොලිසියට තොරතුරු විශාල ප්‍රමාණයක් ලබාදීලා තියෙනවා.

2025 ජනවාරි 01 වෙනිදා සිට මේ දක්වා කරනු ලැබූ වැටලීම් සම්බන්ධයෙන්  සාරාංශයක් නැවත සමාජගත කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා. ඒ අනුව සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පුරවැසියන් 166,344ක් පොලිස් භාරයට රැගෙන විවිධ ප්‍රශ්න කිරීම් හරහා විවිධ වූ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවන් 6,456ක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිස් භාරයට ගැනීමට අපිට හැකියාව ලැබුණා.

විශේෂයෙන්ම අධිකරණාත්මක වශයෙන් නිකුත් කර තිබුණු දින වරෙන්තු සහ විවෘත වරෙන්තු පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය මේ අවස්ථාවේදී දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ වගේම 2025 ජනවාරි  01  සිට මේ දක්වා දින වරෙන්තු 71,136 කට අදාළව සැකකරුවන්, විවෘතව වරෙන්තු 46,847කට සම්බන්ධ සැකකරුවන් පොලිස් භාරයට ගෙන ඉදිරියේ අධිකරණාත්මක වශයෙන්  ක්‍රියාත්මක කිරීමට කටයුතු සම්පාදනය කරලා තියෙනවා.

රටම එකට ජාතික මෙහෙවර 2025 ඔක්තෝබර් 30 දින සිට ක්‍රියාත්මක වෙන අතරතුර දී විශේෂයෙන් 2025 ජනවාරි 01 සිට මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියට වැටලීම් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබිලා තියෙනවා.   හෙරෝයින් 1775kg ක් සහ  701g ක්, ගංජා 16,151kg සහ  791g ක්,  කොකේන් 37kg ක් සහ 398g ක්,  හෂීස් 729kg ක් සහ 424g ක්,  අයිස් 3,606kg ක් සහ 465g ක්  වශයෙන් සමස්ත වසරේ මේ දක්වා අපිට සැකකරුවන් සහ මෙම නීති විරෝධී මත්ද්‍රව්‍ය පොලිස් භාරයට අරගෙන අවශ්‍ය ඉදිරි නෛතික ක්‍රියාමාර්ග සඳහා අපේ ක්‍රියාත්මක වෙලා තියෙනවා.

රටම එකට ජාතික මෙහෙවර විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය වගේම විවිධ හමුදාව මේ සියලුම ආයතනයෙන් එක්කෝ කරනු ලබන මෙම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස T56 ගිනිඅවි 70ක්, පිස්තෝල අවි 83ක්, රිවෝල්වර් 59ක්,  වෙනත් අවි 2026ක්  සමගින් සමස්ත අවි 2268 ක් පොලිස් භාරයට ගන්නට හැකියාවක් ලැබුණා.

ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට  විශේෂ කෘතවේදීයභාවය ඉදිරිපත් කරන්න කැමතියි. මෙම පවතින්නා වූ අයහපත් කාලගුණ තත්වය මත වුවද ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි විශ්වාසය තබා ඉතාමත් සාධනීය තොරතුරු ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමෙන් මෙම රටම එකට ජාතික මෙහෙවර නිසි පරිදි ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට දායකත්වය ලබා දෙන්න. අපි සියලුම මහජනතාවට කෘතවේදී වෙනවා. බොහොම ස්තූතියි“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website