සෝමාවති රජමහා විහාරය ඇතුළු මහවැලියේ පහත් බිම් රැසක ජනතාවට විශේෂ දැනුම් දීමක්

මහවැලි ගඟේ ඉහළ ජලධාරා ප්‍රදේශවලට ඊයේ (17) රාත්‍රියේ සිට ලැබුණු වර්ෂාව සහ මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශවලින් ජලාශ වලින් නිකුත් කරන ජලය හේතුවෙන්  ඉදිරි පැය 48 තුළ මහවැලි ගඟට ආසන්න පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (18) ප.ව 06.00ට නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

මෙම අවදානම, කින්නියා, මුතූර්, කන්තලේ සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රා.ලේ. කොටිඨාශවල අයත් මහවැලි ගගේ පහත් බිම්වලට විශේෂයෙන්ම පවතින බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

තවද, මඩකලපුව-පොළොන්නරුව මාර්ගය (ගල්ලැල්ල ප්‍රදේශය), සෝමාවතිය රජමහා විහාරයට පිවිසෙන මාර්ගය සහ සෝමාවතිය රජමහා විහාරය අවට ප්‍රදේශ ජලයෙන් යටවීමේ අවදානමක් පවතී.

එබැවින්, ඉදිරි දින කිහිපය තුළ නැවත දැනුම් දෙන තුරු සෝමාවතිය රජමහා විහාරයට යන බැතිමතුන් එම ප්‍රදේශයට ගමන් කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටී.

ඊට අමතරව, ඉහත සඳහන් ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව ජීවත් වන මහජනතාව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසත්, සිදුවිය හැකි ගංවතුර තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ ආපදා කළමනාකරණ බලධාරීන්ගෙන් මෙයින් ඉල්ලා සිටිමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website