දිස්ත්‍රික්ක දෙකක ප්‍රා.ලේ. කොට්ඨාශ කිහිපයකට ඉවත් වීමේ රතු නිවේදන

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (18) දින පෙරවරුවේ නිකුත් කළ නිවේදනයකින් මහ නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සඳහා 03 වන අදියරේ (ඉවත්වීම) රතු නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ, මැදදුම්බර, දොළුව, උඩුදුම්බර සහ මිනිපේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ග්‍රාම නිලධාරී වසම් අවට ප්‍රදේශ,

නුවරඑළිය දිස්ත්‍රික්කයේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න, වලපනේ සහ මතුරට යන ප්‍රා.ලේ. කොට්ඨාශ සහ ග්‍රාම නිලධාරී වසම් අවට ප්‍රදේශවලට මෙම රතු (ඉවත්වීම) නිවේදනය බලපායි.

මේ අතර බදුල්ල, මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රා.ලේ. කොට්ඨාශ ගණනාවක් සඳහා 02 අදියර (අවධානය) ඇම්බර් නිවේදන ද නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website