දිට්වා සුළි කුණුටුවෙන් විපතට පත් සමහර පදිංචිකරුවන් බලපෑමට ලක් වූ ස්ථානවලින් ඉවත් වීම ප්‍රතික්ෂේප කර ඇතත් ඔවුන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට රජයට කිසිදු සැලසුමක් නොමැති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා සඳහන් කළේය.
අවතැන් වූ පුද්ගලයින් ගණනාවක් දැනට විධිමත් සහන මධ්‍යස්ථානවල නොව ඥාතීන් සමඟ රැඳී සිටින බව ද ඔහු පැවසීය.
දිට්වා සුළි කුණාටුව සහ එහි ප්‍රතිවිපාක හේතුවෙන් පවුල් 495,000ක් පමණ පීඩාවට පත්ව ඇති අතර නවතම සංඛ්‍යාලේඛනවලට අනුව සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 2.2 දක්වා ඉහළ ගොස් ඇති අතර, මිලියන 1.7ක ජනතාවක් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.
සම්පත් කොටුවේගොඩට අනුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලවලින් ලැබුණු වාර්තා මත පදනම්ව, මේ වන විට මළ සිරුරු 629ක් සොයා ගෙන ඇති අතර, පුද්ගලයින් 211 දෙනෙකු අතුරුදහන් වී ඇති බවත් නායයෑම්වලින් පීඩාවට පත් සහ අනෙකුත් ආපදාවන්ට ලක් වූ ප්‍රදේශවල සෝදිසි කිරීමේ සහ ගොඩගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතිින බව ද ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා සඳහන් කළේය.












